රියදුරු බලපත්‍රයක් නැවත දෙන්න අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

යතුරුපැදි නඩුවකට අදාලව පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත ලබාදීම සඳහා එම යතුරුපැදිකරුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ඉත්තෑපාන පොලිසියේ සැරයන්වරයෙකු හා ආධුනික කොස්තාපල්වරයෙකු ලබන මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (27)දින නියෝග කර තිබෙනවා.

යගිරල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකාර පුද්ගලයා යතුරුපැදියෙන් ඉත්තෑපාන ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටින අතරතුරදී මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සතු රියදුරු බලපත්‍රය ද සිය භාරයට ගෙන ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට දඩ පත්‍රිකාවක් ලබාදී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

දඩ පත්‍රිකාව ලබාගෙන ඇති පැමිණිලිකාර පුද්ගලයා ඉත්තෑපාන තැපැල් කාර්යාලය වෙත ගොස් අදාල දඩ මුදල ගෙවීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා එම පොලිස් ස්ථානය වෙත ගොස් ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

පැමිණිකාර පුද්ගලයා පොලිස් ස්ථානය වෙත ගොස් අදාල රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී එය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කළ යුතුව ඇති බවත් ඒ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගැනීම සඳහා රුපියල් දස දහසක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව ද එම කොමිසමේ නිලධාරින් අධිකරණයට දැන්විය.

එම මුදල ලබාදීමට කැමැත්ත පළකර ඇති පැමිණිකාර පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඒ අනුව, එහි නිලධාරීන් කීපදෙනෙකු එම පොලිස් ස්ථානය වෙත ගොස් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොලිස් සැරයන්වරයා සහ ඔහුට සහාය ලබාදුන් සෙසු කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවද එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?