රියදුරු බලපත්‍රයක් නැවත දෙන්න අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

යතුරුපැදි නඩුවකට අදාලව පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත ලබාදීම සඳහා එම යතුරුපැදිකරුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ඉත්තෑපාන පොලිසියේ සැරයන්වරයෙකු හා ආධුනික කොස්තාපල්වරයෙකු ලබන මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (27)දින නියෝග කර තිබෙනවා.

යගිරල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකාර පුද්ගලයා යතුරුපැදියෙන් ඉත්තෑපාන ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටින අතරතුරදී මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සතු රියදුරු බලපත්‍රය ද සිය භාරයට ගෙන ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට දඩ පත්‍රිකාවක් ලබාදී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

දඩ පත්‍රිකාව ලබාගෙන ඇති පැමිණිලිකාර පුද්ගලයා ඉත්තෑපාන තැපැල් කාර්යාලය වෙත ගොස් අදාල දඩ මුදල ගෙවීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා එම පොලිස් ස්ථානය වෙත ගොස් ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

පැමිණිකාර පුද්ගලයා පොලිස් ස්ථානය වෙත ගොස් අදාල රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී එය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කළ යුතුව ඇති බවත් ඒ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගැනීම සඳහා රුපියල් දස දහසක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව ද එම කොමිසමේ නිලධාරින් අධිකරණයට දැන්විය.

එම මුදල ලබාදීමට කැමැත්ත පළකර ඇති පැමිණිකාර පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඒ අනුව, එහි නිලධාරීන් කීපදෙනෙකු එම පොලිස් ස්ථානය වෙත ගොස් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොලිස් සැරයන්වරයා සහ ඔහුට සහාය ලබාදුන් සෙසු කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවද එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46