මිල අධිකම ඇපල් අලෙවිය සහිත දෙවන රට ලංකාව

වෙළදපොල තුළ අලෙවි කෙරෙන මිල ගණන් අනුව මිල අධිකම ඇපල් අලෙවිය සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

Numbeo වාර්තා උපුටා දක්වන පාරිභෝගික දර්ශකයට අනුව වෙළදපොළ තුළ අධික මිලකට ඇපල් අළෙවි කරනු ලබන ලොව දෙවන රට ශ්‍රී ලංකාව බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඇපල් කිලෝවක මිල සටහන්ව ඇත්තේ, ඇමරිකානු ඩොලර් 7.04ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 2188ක් වැනි අගයක් බව සදහන්.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ඉහළම මිල ගණන් යටතේ ඇපල් අලෙවි වන නගරය ලෙස ඇමරිකාවේ නිව්යෝක් අග නගරය නම් කර තිබෙනවා. එහි ඇපල් කිලෝවක මිල සටහන්ව ඇත්තේ ඇමරිකානු ඩොලර් 7.05ක් ලෙසටයි.

මෙම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයට දකුණු කොරියාව පත්ව ඇති අතර එහි ඇපල් කිලෝවක මිල සටහන්ව ඇත්තේ, ඩොලර් 6.91ක් ලෙටයි.

නව ශ්‍රේණිගත කිරීම් අනුව ඇපල් මිල අධික ලොව පුරා නගර අතුරින් වැඩි ප්‍රමාණයක් ඇමරිකාව නියෝජනය කරන අතර එරට නගර 7ක් මෙම ලැයිස්තුවට ඇතුළත්.

ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇපල් කිලෝවක මිල ඩොලර් 2.01ක් ලෙස දැක්වෙනවා.

මීට අමතරව ජපානය, ප්‍රංශය සහ කැනඩාව යන රටවල්වල අගනුවර ද මෙම ශ්‍රේණිගත කිරීම්වලට ඇතුලත් වන අතර පිළිවෙලින් එහි ඇපල් කිලෝවක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 5.13ක්, 2.63ක් සහ 3.93ක් ලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59