ලිංගික අධ්‍යාපනය දෙන්න සැකසූ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීම මාර්තුවේ

පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට ලබන මාර්තු මස 07 වනදා සිදු කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්නගේ සභාපතිත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා (20) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

පර්යේෂණ මත තහවුරු වී ඇති ශ්‍රී ලංකාවේ ගැටලු රැසකට පාදක වී ඇති පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යපනය පිළිබඳ අල්ප වූ දැනුම වර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන සකස් වී තිබෙනවා.

පෙරපාසල් දරුවාගේ සිට 13 වැනි ශ්‍රේණියේ පාසල් දරුවන් දක්වා මෙන්ම වැඩිහිටි ප්‍රජාව උදෙසා මෙලෙස එම අධ්‍යාපන ප්‍රකාශන සකස් කර ඇති බවයි අධ්‍යාපන බලධාරීන් සඳහන් කළේ.

මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයින් විසින් සම්පාදනය කර තිබෙනවා.

පළමු අදියර යටතේ මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන E ප්‍රකාශන ලෙස ලබාදීමටයෝජනා කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙලෙස සමාජයේ සියලුම වයස් කාණ්ඩ සඳහා විධිමත් ලෙස ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාදීම ඔස්සේ සමාජයේ මතුවෙමින් පවතින අර්බුද රැසක් සමනය කරගත හැකි බව මෙන්ම පාසල් දරුවා වඩාත් සුරක්ෂිත කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව නිලධාරීන් සංසදය හමුවේ අවධාරණ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29