හනුමා ගෝලයෙක් එවලා ප්‍රයිවට් බස් ඩ්‍රැයිවර්ට ගස්සලා

කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක රියදුරෙක්ට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඊයේ (26) පස්වරුවේ හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ ‘හනුමා’ නමින් හඳුන්වන පුද්ගලයෙකුගේ ගෝලයෙක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පසුගිය 25 වනදා මීගමුව, තෝප්පුව ප්‍රදේශයේ දී අදාළ බස් රථ රියදුරා සහ හලාවත – කොළඹ අතර ධාවනය කරන පුද්ගලික බස් රථයක රියදුරෙකු ලෙස කටයුතු කර ‘හනුමා’ නමින් හඳුන්වන පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

අතර මඟ දී බස් රථයට මගීන් නංවාගැනීම ඊට හේතුව වී ඇති බවයි වාර්තා වුණේ.

එම සිද්ධියේ පසු ඊයේ (26) දින සවස පුද්ගලයෙක් කුඩා ලොරි රථයකින් කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයේ මඟ හරස් කර නවත්වා බස් රථයේ රියදුරුට පහර දී බස් රථයට ද අලාභ හානි සිදුකර තිබෙනවා.

මෙම පහරදීම සඳහා ‘හනුමා’ නමින් හඳුන්වන පුද්ගලයාගේ ගෝලයෙක් පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38