නව සමාගමකට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පසුගිය 22 වනදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර, නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතිය ද ලබා දී ති බව සඳහන්.

මෙම සමාගමත් සමඟ මෙරට ඉන්ධන වෙළඳපොළ තුළ කටයුතු කරන පෞද්ගලික සමාගම් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගියා.

W3