කොත්මලාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට

කොත්මලාඔයේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් (25) දින දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

මෙසේ දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි තලවකැලේ සුමන මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දිනුක ගමගේ (15) නැමති පාසල් සිසුවයි.

මෙම පාසල් සිසුවා ඔහුගේ මිතුරන් පිරිසක් සමග ඉහල කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කොත්මලාඔයේ ලිදුල නාගසේන ප්‍රදේශයෙන් ඔයට බැස දිය නාමින් සිටියදි එකවරම පාසල් සිසුවා දියේ ගිලි අතුරුදහන් වි ඇත.

පසුව ප්‍රදේශවාසින් සහ ලිදුල පොලිසියේ නිලධාරින් එක්ව දියේ ගිලි අතුරුදහන් වු සිසුවාගේ සිරුර ඔයේ ගැඹුරු වලක තිබි ගොඩගෙන ඇත.

දිය නැමට ඔයට බැස ඇති පාසල් සිසුවාට පිහිනිමට නොහැකි බවත්, ගොඩගත් සිරුර නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ලිදුල පොලිසිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !