වැල්ලවාය – මොණරාගල මාර්ගයේ දරුණු අනතුරක් – කාන්තාවක් ජීවිතක්ෂයට

වැල්ලවාය – මොණරාගල මාර්ගයේ මල්ලත්තාවල හංදිය අසළ දී අද (25) උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

මොණරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථ දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අදාළ යතුරුපැදිය ගමන් ගත් දිශාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පසුපස ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර, එහිදී කාන්තාව එම ස්ථානයේ දීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ යතුරුපැදිය පැද වූ සැමියා බරපතළ තත්ත්වයෙන් වැල්ලවාය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ බුත්තල, පීල්ලවල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34