spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවාය – මොණරාගල මාර්ගයේ දරුණු අනතුරක් – කාන්තාවක් ජීවිතක්ෂයට

වැල්ලවාය – මොණරාගල මාර්ගයේ මල්ලත්තාවල හංදිය අසළ දී අද (25) උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

මොණරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථ දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අදාළ යතුරුපැදිය ගමන් ගත් දිශාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පසුපස ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් මෙම අනතුරට මුහුණ පා ඇති අතර, එහිදී කාන්තාව එම ස්ථානයේ දීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ යතුරුපැදිය පැද වූ සැමියා බරපතළ තත්ත්වයෙන් වැල්ලවාය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ බුත්තල, පීල්ලවල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?