විදුලි ගාස්තු 20% කින් අඩු කිරීමට ලංවීමට හැකියි – පාඨලී (වීඩියෝ)

විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විදුලිබල මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩිකර ඇති බවයි.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිතයි.

එහි දී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර ජනතාවට සහන මිලට විදුලිය ලබාදීමට විදුලි බල මණ්ඩලයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !