ගුරුබාස් හා සසායි අනුකම්පා විරහිත වෙයි – ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්න්දුවට පහරදීමට ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක්දැවී ලකුණු 209ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ශ්‍රි ලංකා පන්දු යවන්නන් අනුකම්පා විරහිත ප්‍රහාරක් දියත් කිරීමට ඇෆ්ගනිස්තාන ආරම්භ පිතිකරු යුගලය කටයුතු කළේ පළමු කඩුල්ල වෙනුවෙන් ඇෆ්ගනිස්තාන ඉනිමට ශක්තියමක් අඩිතාලමක් දමමින්.

එහිදී ආරම්භ පිතිකරුවන් යුගලය වන රහමදුල්ලා ගුරුබාස් වේගවත් ලකුණු 70ක් රැස් කළ අතර, හස්මතුල්ලා සසායි රැස්කළ ලකුණු සංඛ්‍යාව 45ක්.

ඊට අමතරව අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 31ක් රැස් කළා.

ඇෆ්ගනිස්තාන ‍රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වන්නේ විස්සයි විස්ස තරගයක දී ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර 2022 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 175ක් රැස් කරගෙන තිබුණා.

පන්දු යැවීමේ දී අද තරගය සදහා කැදවීම් ලැබී තිබූ අකිල ධනංජය කඩුලු දෙකක් බිද දැමුවා.

ඊට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇෆ්ගනිස්තාන ඉනිමේ කඩුලු 02ක් දවා ගත්තා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට පන්දු 120ක් තුළ ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04