ගුරුවරුන්ගේ හා විදුහල්පතිගේ ගැටුමට මැදිව බැටකන බණ්ඩාරවෙල ප්‍රසිද්ධ පාසලක දරුවෝ (වීඩියෝ)

බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් මහා විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් හා මාපියන් අතර කලක් තිස්සේ පවතින ගැටළු හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී දෙමව්පියන් විසින් විරෝධතාවයන් ද පවත්වනු ලැබුවා.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (16) දිනයේ පාසලේ මහා සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණා.

පාසලේ මතුව ඇති පරිපාලන ගැටළු එහිදීත් ඉස්මතු වීම හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඇති වී උණුසුම්කාරී තත්ත්වය පාලනය කෙරුණේ බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන්.

එළඹෙන සඳුදා දින අධ්‍යාපන අමාත්‍යංශය, කලාප කාර්‍යාලය හා පළාත් අධ්‍යාපන කාර්‍යාලයේ බලධාරින්ගේ මැදිහත්වීමෙන් පාසල් මහා සභා රැස්වීම පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවට එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා පොරොන්දුවක් ලබා දෙනු ලැබුවා.

මෙලෙස පරිපාලනයේ ගැටළු හේතුවෙන් දරුවන්ට සිදුව ඇති අසාධාරණයට පිළියමක් යොදන්නට පාසල් බලධාරින්ට උවමනාවක් හෝ වගකීමක් නොමැති වීම කණගාටුවට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?