ගුරුවරුන්ගේ හා විදුහල්පතිගේ ගැටුමට මැදිව බැටකන බණ්ඩාරවෙල ප්‍රසිද්ධ පාසලක දරුවෝ (වීඩියෝ)

බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් මහා විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් හා මාපියන් අතර කලක් තිස්සේ පවතින ගැටළු හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී දෙමව්පියන් විසින් විරෝධතාවයන් ද පවත්වනු ලැබුවා.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (16) දිනයේ පාසලේ මහා සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණා.

පාසලේ මතුව ඇති පරිපාලන ගැටළු එහිදීත් ඉස්මතු වීම හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඇති වී උණුසුම්කාරී තත්ත්වය පාලනය කෙරුණේ බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන්.

එළඹෙන සඳුදා දින අධ්‍යාපන අමාත්‍යංශය, කලාප කාර්‍යාලය හා පළාත් අධ්‍යාපන කාර්‍යාලයේ බලධාරින්ගේ මැදිහත්වීමෙන් පාසල් මහා සභා රැස්වීම පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවට එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා පොරොන්දුවක් ලබා දෙනු ලැබුවා.

මෙලෙස පරිපාලනයේ ගැටළු හේතුවෙන් දරුවන්ට සිදුව ඇති අසාධාරණයට පිළියමක් යොදන්නට පාසල් බලධාරින්ට උවමනාවක් හෝ වගකීමක් නොමැති වීම කණගාටුවට කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39