කැන්ගරුවන් දණ ගැස්සූ කොදෙව් පිළේ දඩබ්බරයා IPL තරග බිමට

බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් මෑතක දී හඳුනාගත් වේගපන්දු යවන්නෙක් වන ෂමර් ජෝශප් 2024 අයි.පී.එල් තරගාවලිය සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

ඒ, අනුව ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු ඉන්දීය රුපියල් කෝටි 3කට සුපර් ජයන්ට් සමඟ ගිවිසුම් ගතව ඇති අතර, සුපර් ජයන්ට් කණ්ඩායමට ඔහු එක්කරගෙන ඇත්තේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් වෙනුවටයි.

ජෝසප් හැරුණු විට, සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ ලැයිස්තුවට නවීන් උල් හක්, මොහ්සින් ඛාන්, ඩේවිඩ් විලී, ශිවම් මාවි, යෂ් තාකූර් සහ යුද්වීර් සිං ඇතුළත් වනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය කොදෙව්වන්ට ජයග්‍රහණයකරදීමට 24 හැවිරිදි නවක ක්‍රීඩක ෂමර් ජෝශප් පන්දුවෙන් දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඔහු පිළිබඳව ක්‍රිකට් ලෝකයේ අවධානය යොමුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32