මහදවල් කොල්ලයේ සැකකරුවන් ඇල්ලූ තණමල්විල මෙහෙයුම

තණමල්විල, ඌව කුඩාඔය නිවෙසක් කොල්ලකා රුපියල් හයලක්ෂ අසූදහක පමණ මුදල් හා රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ කිසිවකු නොමැති අවස්ථාවකදී ජනේලය කඩා අල්මාරියේ තිබූ රුපියල් එක්ලක්ෂ අසූදහක් සහ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් මාල, වළලු‍ සියල්ල සැකකරුවන් විසින් සොරකම් කර තිබුණා.

කොල්ලයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි ඔවුන් සොයා තණමල්විල පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

අනතුරුව ප්‍රදේශයේ සී සී ටී වී දර්ශන පරික්ෂා කර වයස අවුරුදු 23 සහ 29 යන වයස්වල පසුවන, ඇල්ල කරදගොල්ල වැල්ලවාය ප්‍රදෙශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදි සැකකරුවන් එළඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් යන්ත්‍රයක්, රන් භාණ්ඩ, මුදල්, ගෙවල් බිඳින උපකරණ 03 ක්ද සොයාගත්තා.

කොල්ලකෑම සදහා පැමිණි යතුරු පැදිය, හෙල්මට් දෙක සමග ඔවුන් පැළඳ සිටි ඇදුම්ද එහිදී සොයාගනු ලැබුවා.

සැකකරුවන් දෙදෙනා කාලයක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර, මීට පෙර කුඩාඔය, බඩල්කුඹුර, මොණරාගල, වැල්ලවාය, ලියන්ගහවෙල ගෙවල් බිඳ සොරකම් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23