spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහදවල් කොල්ලයේ සැකකරුවන් ඇල්ලූ තණමල්විල මෙහෙයුම

තණමල්විල, ඌව කුඩාඔය නිවෙසක් කොල්ලකා රුපියල් හයලක්ෂ අසූදහක පමණ මුදල් හා රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ කිසිවකු නොමැති අවස්ථාවකදී ජනේලය කඩා අල්මාරියේ තිබූ රුපියල් එක්ලක්ෂ අසූදහක් සහ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් මාල, වළලු‍ සියල්ල සැකකරුවන් විසින් සොරකම් කර තිබුණා.

කොල්ලයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි ඔවුන් සොයා තණමල්විල පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

අනතුරුව ප්‍රදේශයේ සී සී ටී වී දර්ශන පරික්ෂා කර වයස අවුරුදු 23 සහ 29 යන වයස්වල පසුවන, ඇල්ල කරදගොල්ල වැල්ලවාය ප්‍රදෙශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදි සැකකරුවන් එළඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් යන්ත්‍රයක්, රන් භාණ්ඩ, මුදල්, ගෙවල් බිඳින උපකරණ 03 ක්ද සොයාගත්තා.

කොල්ලකෑම සදහා පැමිණි යතුරු පැදිය, හෙල්මට් දෙක සමග ඔවුන් පැළඳ සිටි ඇදුම්ද එහිදී සොයාගනු ලැබුවා.

සැකකරුවන් දෙදෙනා කාලයක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර, මීට පෙර කුඩාඔය, බඩල්කුඹුර, මොණරාගල, වැල්ලවාය, ලියන්ගහවෙල ගෙවල් බිඳ සොරකම් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?