මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක

මේ වසරේ පැවැත්වීමට අපේක්ෂිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ මැතිවරණ සඳහා අය වැය මගින් වෙන්කර ඇති රුපියල් බිලියන 10ක ප්‍රතිපාදනය තුළ සියලු වියදම් කළමනාකරණය කර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීමයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය වසරේදී පළාත් පාලන මැතිවරණයට පමණක් මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ඉල්ලා තිබුණා.

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුවන අතර මහ මැතිවරණයත් පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ.
කෙසේ වෙතත් අදාළ මැතිවරණ පැවැත්වීම සඳහා 2024 අයවැය ඇස්තමේන්තුව මගින් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10ක මුදලක්.

ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එම ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගත යුතු බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මෙරට ප්‍රධානතම මැතිවරණ ද්විත්වය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන මත පමණක් පැවැත්වීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
12
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01