පිට රටින් කතුන් ගෙනත් පැරණිම රස්සාවේ යොදවලා – වැල්ලවත්තේ රහසිගත නිවාසය වටලයි

වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත ප්‍රදේශයේ රහසිගතව විදෙස් කතුන් යොදාගනිමින් පවතවාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (23) පස්වරුවේ වටලා තිබෙනවා.

ලැබුණු තොරතුරක් මත වැල්ලවත්ත පොලිස් ස්ථානයයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ ගණිකා නිවස වටලා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සම්භාහන මධ්‍යස්ථානයක් බවට පිටතට පෙනෙන සේ මෙම ගණිකා ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම වැටලීමේ දී ගණිකා සේවය සැපයීමට එහි රැඳී සිටි විදෙස් ජාතික කාන්තාවන් සිව්දෙනෙක් සහ එම ස්ථානයේ කළමණාකාරිනිය ලෙස කටයුතු කළ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරියන් අවුරුදු 35ත් 43ත් අතර වයස්වල පසුවන තායිලන්ත ජාතික කතුන් බවටයි අනාවරණය වී ඇත්තේ.
වැල්ලවත්ත පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.