ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මාතර, තලල්ල වෙරළ ප්‍රදේශයේ අද (24) උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහි දී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දහයක් සහ ගමන් මළු එකොළහක් සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
