spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක

මේ වසරේ පැවැත්වීමට අපේක්ෂිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ මැතිවරණ සඳහා අය වැය මගින් වෙන්කර ඇති රුපියල් බිලියන 10ක ප්‍රතිපාදනය තුළ සියලු වියදම් කළමනාකරණය කර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීමයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය වසරේදී පළාත් පාලන මැතිවරණයට පමණක් මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ඉල්ලා තිබුණා.

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුවන අතර මහ මැතිවරණයත් පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ.
කෙසේ වෙතත් අදාළ මැතිවරණ පැවැත්වීම සඳහා 2024 අයවැය ඇස්තමේන්තුව මගින් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10ක මුදලක්.

ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එම ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගත යුතු බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මෙරට ප්‍රධානතම මැතිවරණ ද්විත්වය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන මත පමණක් පැවැත්වීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
12
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?