මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක

මේ වසරේ පැවැත්වීමට අපේක්ෂිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ මැතිවරණ සඳහා අය වැය මගින් වෙන්කර ඇති රුපියල් බිලියන 10ක ප්‍රතිපාදනය තුළ සියලු වියදම් කළමනාකරණය කර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීමයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය වසරේදී පළාත් පාලන මැතිවරණයට පමණක් මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ඉල්ලා තිබුණා.

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුවන අතර මහ මැතිවරණයත් පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ.
කෙසේ වෙතත් අදාළ මැතිවරණ පැවැත්වීම සඳහා 2024 අයවැය ඇස්තමේන්තුව මගින් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10ක මුදලක්.

ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එම ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගත යුතු බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මෙරට ප්‍රධානතම මැතිවරණ ද්විත්වය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන මත පමණක් පැවැත්වීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවයි.

  1. උඹලා ඔය තෙපර බාන්නේ ඇයි කියලා අපි දන්නවා… දැන් ඔහොම කියලා සදාකාලිකව උඹලට පුළුවන් බලයේ ඉන්න.. හිතන් ඇති.. යකෝ මේ වසරේ නොවැම්බර් 16 න් පසු රනිලට කිසිම නීතිමය අයිතියක් නැහැ ඔය කිසිම තැනක ඉන්න ඒ කියන්නෙ ඌව කනෙන් අල්ලල එලියට දාන්න පුළුවන් ජනාධිපති කාර්යාලයේ ඉන්න සාමාන්‍ය පොලිස් කාරයෙකුට වුනත් .. හිතන් ඇති.. ඉන්න තොපි එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැහැ ජනතාව එනවා පාරට ඔවුන්ව ගෙන්වා ගන්න එපා පාරට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48