Empty Ad
AFC Banner
Empty Ad

බීමත් යතුරුපැදිකරු මාස 9ක දියණියට මව පියා අහිමි කරයි

දඹුල්ල, නව පාදෙණිය ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රීයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නව පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයක අසල කථා කරමින් සිටි එකම පවුලේ මව, පියා දියණිය හා ඔහුන්ගේ හිතවතෙකු අනතුරට පත්ව ඇති බව සදහන්.

මෙම අනතුරින් මව සහ පියා මියගොස් මාස 9ක කුඩා දියණිය බරපතල තත්වයෙන් දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පේරාදෙණිය රෝහලට මාරු කොට යවා තිබුණා.

අනතුර සිදු වන අවස්ථාවේ යතුරුපැදිකරු බීමතින් මාර්ගය අසල සිටි පුද්ගලයන් දෙසට පැමිණ ගැටී ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව දඹුල්ල පොලිසිය පවසනවා.

වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිස් රථවාහන අංශය විසින් සිදුකරන අතර බිමත්ව සිට අනතුර සිදුකල පුද්ගලයාද තුවාල ලැබීම හේතුවෙන් දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?