බීමත් යතුරුපැදිකරු මාස 9ක දියණියට මව පියා අහිමි කරයි

දඹුල්ල, නව පාදෙණිය ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රීයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නව පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයක අසල කථා කරමින් සිටි එකම පවුලේ මව, පියා දියණිය හා ඔහුන්ගේ හිතවතෙකු අනතුරට පත්ව ඇති බව සදහන්.

මෙම අනතුරින් මව සහ පියා මියගොස් මාස 9ක කුඩා දියණිය බරපතල තත්වයෙන් දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පේරාදෙණිය රෝහලට මාරු කොට යවා තිබුණා.

අනතුර සිදු වන අවස්ථාවේ යතුරුපැදිකරු බීමතින් මාර්ගය අසල සිටි පුද්ගලයන් දෙසට පැමිණ ගැටී ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව දඹුල්ල පොලිසිය පවසනවා.

වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිස් රථවාහන අංශය විසින් සිදුකරන අතර බිමත්ව සිට අනතුර සිදුකල පුද්ගලයාද තුවාල ලැබීම හේතුවෙන් දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කොට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59
Video thumbnail
නාමල් වටා රැස්වෙන සෙනඟ නවත්තන්න හදන්නේ - විපක්ෂය හදන්නේ ආණ්ඩුව රැකගන්නද ?
03:08
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයත් වාන් දමයි
00:47
Video thumbnail
මහ වැස්සත් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ මුළු පාරම වතුරෙන් වැහිලා
00:39
Video thumbnail
විශාල ගසක් කඩා වැටී තිදෙනෙකුට බරපතලයි
02:30
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55