හෙමින්, හෙමින් බෝල දැම්ම ලංකාවට, ICCය දඩ නියම කරයි

පාකිස්ථානයේ පැවති එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී පසුගිය 29 වැනිදා එංගලන්තයට සමඟ පැවති තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5% දඩයක් නියම කර තිබෙනවා.

ICC ආචාරධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, නියමිත කාල සීමාව සලකා බැලීමෙන් අනතුරුව, එක් පන්දුවාරයක් පසුපසින් සිටීම නිසා ශ්‍රී ලංකාවට මෙලෙස දඩ නියම වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් විසින් මෙම වරද පිළිගෙන ඇති බැවින්, මේ සඳහා විධිමත් විභාගයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.