ලොතරැයි අලෙවි නියෝජිතයින් අද වර්ජනයක (වීඩියෝ)

දිවයිනේ සියළු ලොතරැයි අලෙවි නියෝජිතයින් අද (06) දින අලෙවි කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ කොමිස් මුදල ලබා නොදීම සහ වරප්‍රසාද දීමනා නොගෙවීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

රුපියල් 20ක පැවති ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමුණු අතර අදාල මිල වැඩි කිරීමේ වාසිය තමන්ට නොලැබුණු බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන්
කළා.

ඒ අනුව, අද දිවයිනේ සියළු ලොතරැයි අලෙවි නියෝජිතයින් අලෙවි කටයුතු වලින්ඉ වත් වී තිබුණා.

නගර රැසක ලොතරැයි අලෙවිසැල් වසා දමා ඇති අයුරු මෙලෙස දක්නට ලැබුණා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයින් පෙන්වා දෙන්නේ දේශපාලන බලධාරීන් විසින් තමන්ට බොරු පොරොන්දු පමණක් ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ දෛනික ලොතරැයි අලෙවියෙන් දිවි ගෙවන ජනතාවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අද (06) දින මෙම ගැටළුව සඳහා නිසි විසදුමක් ලබා නොදෙන්නේ නම් හෙට සහ අනිද්දා දින දක්වා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?