ලොතරැයි අලෙවි නියෝජිතයින් අද වර්ජනයක (වීඩියෝ)

දිවයිනේ සියළු ලොතරැයි අලෙවි නියෝජිතයින් අද (06) දින අලෙවි කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ කොමිස් මුදල ලබා නොදීම සහ වරප්‍රසාද දීමනා නොගෙවීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

රුපියල් 20ක පැවති ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමුණු අතර අදාල මිල වැඩි කිරීමේ වාසිය තමන්ට නොලැබුණු බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන්
කළා.

ඒ අනුව, අද දිවයිනේ සියළු ලොතරැයි අලෙවි නියෝජිතයින් අලෙවි කටයුතු වලින්ඉ වත් වී තිබුණා.

නගර රැසක ලොතරැයි අලෙවිසැල් වසා දමා ඇති අයුරු මෙලෙස දක්නට ලැබුණා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයින් පෙන්වා දෙන්නේ දේශපාලන බලධාරීන් විසින් තමන්ට බොරු පොරොන්දු පමණක් ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ දෛනික ලොතරැයි අලෙවියෙන් දිවි ගෙවන ජනතාවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අද (06) දින මෙම ගැටළුව සඳහා නිසි විසදුමක් ලබා නොදෙන්නේ නම් හෙට සහ අනිද්දා දින දක්වා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51