එක්දින තරගාවලියට ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථාන සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නායකත්වය ලබාදෙන්නේ හෂ්මතුල්ලා ෂාහිඩි විසින්.

සැත්කමකට භාජය වී තවමත් සුවය ලබමින් සිටින ඇෆ්ගනිස්ථාන අංක එකේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

ඔහුගේ අඩුව පිරවීම වෙනුවෙන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මෙතෙක් එක් එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති කයිස් අහමඩ් සංචිතයට ඇතුළත්කර තිබීම විශේෂත්වයක්.

මේ අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මොහොමඩ් නබී ඇෆ්ගනිස්ථාන සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ නවීඩ් සද්රන් ද මෙම සංචිතය ඇතුළත්.

ශ්‍රී ලංකාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 09 වනදා පල්ලෙකැලේ දී ආරම්භවීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්,

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමත් ෂා, රහ්මානුල්ලා ගුර්බාස්, ඉක්‍රම් අලිඛිල්, ඊබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, කයිස් අහමඩ්, නූර් අහමඩ්, මුජීබ් උර් රහ්මාන්, ෆසාල්හක් ෆාරුකි, නවීඩ් සද්රන්,ෆරීඩ් අහමඩ්, අස්මතුල්ලාහ් ඔමර්සායි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22