ආණ්ඩුව ඔන්ලයින් සහ ප්‍රතිත්‍රස්ථ පනත් ගේන්නේ මැතිවරණ දිනන්න – රංජිත් මද්දුම බණ්ඩාර

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ථ පනත හරහා නැතිකර තිබෙන බවත් මෙම පනත් සියල්ල ආණ්ඩුව ගෙන එන්නේ ජනතාව පාලනය කිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

අද (29) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මැතිවරණ පැවැත්වෙන වර්ෂයක ප්‍රතිත්‍රස්ථ පනත ගෙනැවිත් තිබෙන්නේ ජනතාව මර්ධනය කර මැතිවරණ ජයග්‍රහනය කිරිමේ බලාපොරොත්තුවෙන් බවත් ඔහු මෙහිදී පැවසුවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ වගන්ති 57න් වගන්ති 32ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්න ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැර කථානායකවරයාත් ආණ්ඩුවත් පනත සම්මත කරගත් බවත් මීට පෙර සිටි කථානායකවරු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බවත් වර්තමාන කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා හැර තිබෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු - මුහුදු රළුවෙයි - සුළං තදවෙයි
02:06
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02