spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුව ඔන්ලයින් සහ ප්‍රතිත්‍රස්ථ පනත් ගේන්නේ මැතිවරණ දිනන්න – රංජිත් මද්දුම බණ්ඩාර

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ථ පනත හරහා නැතිකර තිබෙන බවත් මෙම පනත් සියල්ල ආණ්ඩුව ගෙන එන්නේ ජනතාව පාලනය කිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

අද (29) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මැතිවරණ පැවැත්වෙන වර්ෂයක ප්‍රතිත්‍රස්ථ පනත ගෙනැවිත් තිබෙන්නේ ජනතාව මර්ධනය කර මැතිවරණ ජයග්‍රහනය කිරිමේ බලාපොරොත්තුවෙන් බවත් ඔහු මෙහිදී පැවසුවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ වගන්ති 57න් වගන්ති 32ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්න ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැර කථානායකවරයාත් ආණ්ඩුවත් පනත සම්මත කරගත් බවත් මීට පෙර සිටි කථානායකවරු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බවත් වර්තමාන කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා හැර තිබෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?