එළවළු මිල පහළට (වීඩියෝ)

පසුගිය දිනවලදී ශීඝ්‍ර ලෙස ඉහළ ගිය එළවළු මිල ගණන් මේ වන විට පහත බසිමින් තිබෙනවා.

ඒ අනුව පසුගිය දිනවලදී රුපියල් 2000 ඉක්මවා ගිය කැරට් කිලෝවක මිල අද රු 900- 1100 අතර මිලක පැවතුනා.

පසුගිය දිනවල මෙරට එළවළු මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස සීඝ්‍ර ලෙස ඉහළ යෑම සිදුවුණා.

කෙසේ නමුත් අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හා පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු කිලෝවක තොග මිල ගණන් පසුගිය දිනවලට සාපේක්ෂව ඉතා පහළ අගයන් වලටයි.

මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණ පවසන්නේ නුවරඑළියේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මෙම එළවළු මාෆියාවට සම්බන්ධ බවයි.

එසේම පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ මෙලෙස එළවළු මිල ගණන් ඉහළ යෑමට හේතුව අමාත්‍යවරුගේ නොහැකියාව මත සිදුවන බවයි.

මේ අතර අද වන විට දේශීය බිත්තර රු 50-60 අතර මිලකට වන අතර ආනයනික බිත්තර රුපියල් 35ක් වැනි මිලකට සතොස මගින් අලෙවි කරනවා.

නමුත් මේ වන විට වැට් වැඩි වීම නිසා ආයනියනික බිත්තර මිලද ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41