spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළවළු මිල පහළට (වීඩියෝ)

පසුගිය දිනවලදී ශීඝ්‍ර ලෙස ඉහළ ගිය එළවළු මිල ගණන් මේ වන විට පහත බසිමින් තිබෙනවා.

ඒ අනුව පසුගිය දිනවලදී රුපියල් 2000 ඉක්මවා ගිය කැරට් කිලෝවක මිල අද රු 900- 1100 අතර මිලක පැවතුනා.

පසුගිය දිනවල මෙරට එළවළු මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස සීඝ්‍ර ලෙස ඉහළ යෑම සිදුවුණා.

කෙසේ නමුත් අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හා පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු කිලෝවක තොග මිල ගණන් පසුගිය දිනවලට සාපේක්ෂව ඉතා පහළ අගයන් වලටයි.

මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණ පවසන්නේ නුවරඑළියේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මෙම එළවළු මාෆියාවට සම්බන්ධ බවයි.

එසේම පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ මෙලෙස එළවළු මිල ගණන් ඉහළ යෑමට හේතුව අමාත්‍යවරුගේ නොහැකියාව මත සිදුවන බවයි.

මේ අතර අද වන විට දේශීය බිත්තර රු 50-60 අතර මිලකට වන අතර ආනයනික බිත්තර රුපියල් 35ක් වැනි මිලකට සතොස මගින් අලෙවි කරනවා.

නමුත් මේ වන විට වැට් වැඩි වීම නිසා ආයනියනික බිත්තර මිලද ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?