ජනපති සහ නේපාල අගමැති අතර හමුවක් – ඉන්දීය විදේශ ඇමතිත් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal) මහතා අතර නිල හමුවක් නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව අද (20) උගන්ඩාවේ කම්පාලා නුවරදී සිදු වී තිබෙනවා.

අතීතයේ සිට පැවතෙන දෙරට අතර සංස්කෘතික සහ ආගමික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එය දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ඉවහල් වනු ඇති බවයි අවධාරණය කේරුණේ.

එමෙන්ම, දෙරට අතර දේශපාලන අන්තර් සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අන්තර් හුවමාරු වැඩසටහනක් හරහා දෙරටේ පාර්ලිමේන්තු කටයුතු අධ්‍යයනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙම හමුව පිළිබඳ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින් මෙලෙස සඳහන් කර තිබුණා.

“කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ලැබීම සතුටක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික මුලපිරීම් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ මග පෙන්වීම අගය කරනවා. ඉන්දියාවේ කැපවීම අපගේ අසල්වැසියා පළමු කොට සැලකීම සහ “සාගර්” ප්‍රතිපත්තිය මගින් පිළිබිඹු වේ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58