spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ නේපාල අගමැති අතර හමුවක් – ඉන්දීය විදේශ ඇමතිත් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal) මහතා අතර නිල හමුවක් නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව අද (20) උගන්ඩාවේ කම්පාලා නුවරදී සිදු වී තිබෙනවා.

අතීතයේ සිට පැවතෙන දෙරට අතර සංස්කෘතික සහ ආගමික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එය දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ඉවහල් වනු ඇති බවයි අවධාරණය කේරුණේ.

එමෙන්ම, දෙරට අතර දේශපාලන අන්තර් සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අන්තර් හුවමාරු වැඩසටහනක් හරහා දෙරටේ පාර්ලිමේන්තු කටයුතු අධ්‍යයනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙම හමුව පිළිබඳ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින් මෙලෙස සඳහන් කර තිබුණා.

“කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ලැබීම සතුටක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික මුලපිරීම් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ මග පෙන්වීම අගය කරනවා. ඉන්දියාවේ කැපවීම අපගේ අසල්වැසියා පළමු කොට සැලකීම සහ “සාගර්” ප්‍රතිපත්තිය මගින් පිළිබිඹු වේ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?