පයාගල මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළ සිරුරක්

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් පයාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් අද (15) දහවල් හමු වී තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකුගේ මළ සිරුරක් බවයි පයාගල පොලිසිය සඳහන් කළේ.

මොහු පයාගල, පැලපොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා ඊයේ (14) පස්වරුවේ සිය මිත්තණියගේ නිවසට යන බව පවසමින් නිවසින් පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මළ සිරුර සම්බන්ධයෙන් වන මූලික මරණ පරීක්ෂණය අද(15) පෙරවරුවේ සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබෙනවා.

මෙම තරුණයා මුහුදේ දිය නෑමට ගොස් මියගියේ ද නැත්නම් වෙනත් ආකාරයකට මිය ගියේ ද යන්න පිළිබඳව පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?