පයාගල මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළ සිරුරක්

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් පයාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් අද (15) දහවල් හමු වී තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකුගේ මළ සිරුරක් බවයි පයාගල පොලිසිය සඳහන් කළේ.

මොහු පයාගල, පැලපොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා ඊයේ (14) පස්වරුවේ සිය මිත්තණියගේ නිවසට යන බව පවසමින් නිවසින් පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මළ සිරුර සම්බන්ධයෙන් වන මූලික මරණ පරීක්ෂණය අද(15) පෙරවරුවේ සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබෙනවා.

මෙම තරුණයා මුහුදේ දිය නෑමට ගොස් මියගියේ ද නැත්නම් වෙනත් ආකාරයකට මිය ගියේ ද යන්න පිළිබඳව පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26