බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබා ගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙකු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබෙනවා.

මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 12 වනදා පස්වරුවේ කඩුගන්නාව, හේනාවල ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කර තිබුණා.

එහිදී එම වරෙන්තුකරු සමග සිටි බන්ධනාගාර නියාමකවරු දෙදෙනා හමුවී ඇති අතර ඔවුන් පරීක්ෂා කිරීමේදී හෙරොයින් පැකට් එක බැගින් හමු වූ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවයි.

මෙම බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා දුම්බර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන්නන් වන අතර මොවුන් මාර්ගයෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට මත් ද්‍රව්‍ය ලබා දී ඇති බවට පොලිසිය සැක කරනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි සැකකාර බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41