spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබා ගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙකු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබෙනවා.

මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 12 වනදා පස්වරුවේ කඩුගන්නාව, හේනාවල ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කර තිබුණා.

එහිදී එම වරෙන්තුකරු සමග සිටි බන්ධනාගාර නියාමකවරු දෙදෙනා හමුවී ඇති අතර ඔවුන් පරීක්ෂා කිරීමේදී හෙරොයින් පැකට් එක බැගින් හමු වූ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවයි.

මෙම බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා දුම්බර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන්නන් වන අතර මොවුන් මාර්ගයෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට මත් ද්‍රව්‍ය ලබා දී ඇති බවට පොලිසිය සැක කරනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි සැකකාර බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?