AFC Banner
Empty Ad
Empty Ad

3 වන වරටත් සලකා බැලීමට සිදු වූ පනතක් නිසා කොමිසමක් අප්‍රසාදයෙන් (වීඩියෝ)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත අඛණ්ඩව 3 වැනි වරටත් නැවත සලකා බැලීමට සිදුවීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය බලවත් අප්‍රසාදය පළ කර තිබෙනවා.

මුදල් කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදාරැස්වූ රඡයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අවධාරණය කෙරුනේ කොලඹ වරාය නගර කොමිෂන් සභාව වැරදි සහගත තීන්දු තීරන ගැනීම සහ ඒ පිළිබඳව වගවීමක් නොමති වීම බරපතල කාරණයක් බවයි.

පෙර පැවති කාරක සභා රැස්වීමකදී තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයක් සඳහා වරාය නගර කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තීරුබදු රහිත රීතිවල නීත්‍යානුකූලභාවය පිළිබඳව කමිටුව විසින් නීතිපතිවරයාගේ සිදු කළ මත විමසීමක් අනුව තීරණය වී ඇත්තේ එවැන්නක් හරහා වෙළඳපල විකෘති වීමට ඉඩ ඇති බැවින් ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි නීති රීති ස්ථාපිත කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම වැරදි තීරණවලට වගකිව යුතු පුද්ගලයා පිළිබඳව කමිටුව මෙහිදී පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියද කිසිදු නිලධාරියකු එම වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවීම කාරක සභාවේ දැඩි අප්‍රසාදය හේතු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?