3 වන වරටත් සලකා බැලීමට සිදු වූ පනතක් නිසා කොමිසමක් අප්‍රසාදයෙන් (වීඩියෝ)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත අඛණ්ඩව 3 වැනි වරටත් නැවත සලකා බැලීමට සිදුවීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය බලවත් අප්‍රසාදය පළ කර තිබෙනවා.

මුදල් කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදාරැස්වූ රඡයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අවධාරණය කෙරුනේ කොලඹ වරාය නගර කොමිෂන් සභාව වැරදි සහගත තීන්දු තීරන ගැනීම සහ ඒ පිළිබඳව වගවීමක් නොමති වීම බරපතල කාරණයක් බවයි.

පෙර පැවති කාරක සභා රැස්වීමකදී තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයක් සඳහා වරාය නගර කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තීරුබදු රහිත රීතිවල නීත්‍යානුකූලභාවය පිළිබඳව කමිටුව විසින් නීතිපතිවරයාගේ සිදු කළ මත විමසීමක් අනුව තීරණය වී ඇත්තේ එවැන්නක් හරහා වෙළඳපල විකෘති වීමට ඉඩ ඇති බැවින් ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි නීති රීති ස්ථාපිත කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම වැරදි තීරණවලට වගකිව යුතු පුද්ගලයා පිළිබඳව කමිටුව මෙහිදී පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියද කිසිදු නිලධාරියකු එම වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවීම කාරක සභාවේ දැඩි අප්‍රසාදය හේතු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25