අහිංසක මල්වලට තහනම් වූ ඉංග්‍රීසි (වීඩියෝ)

වසර 5කට වැඩි කාලයක සිට බලංගොඩ වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ උදෑසන කාලයේ පවත්වාගෙන ගිය ඉංග්‍රීසි පන්තිය මේ වනවිට පාසල තුළ පැවැත්වීමට නොහැකි තත්වයක් මතු වී තිබෙනවා. ඒ විදුහල්පතිවරයාගෙන් ඊට අවසර නොලැබීම හේතුවෙන්.

ඒ අනුව ඉංග්‍රීසි පන්තිය මාස හයක් තිස්සේ ප්‍රදේශයේ ගරාජයක පවත්වාගෙන යාමටයි සිදුව ඇත්තේ.

බලංගොඩ වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ දරුවන් උදේ පාන්දරින්ම මේ යන්නේ නොමිලේ පවත්වන ඉංග්‍රීසි පන්තියකට සහභාගී වීමටයි.

මීට වසර කිහිපයකට පෙර මෙම ඉංග්‍රීසි පන්තිය ආරම්භ කරන්නේ පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසි සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණින්.

පාසලේ විදුහල්පතිවරයාගේ සහයෝගය මැද ‍ඉංග්‍රිසි විෂයභාර ගුරුවරයා හා පාසලේ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ අජන්ත උදුගොඩ මහතා එක්ව මේ ඉංග්‍රීසි පන්තිය පවත්වාගෙන ගියා.

අනතුරුව පාසලේ ඉංග්‍රීසි විෂයභාර ගුරුවරයාගේ විශ්‍රාම යාමත් සමගම අජන්ත උදුගොඩ මහතා තනිවම එම කාර්යය අඛණ්ඩව පවත්වාගෙන ගියා.

දිනෙන් දින මෙම දරුවන්ගේ ඉංග්‍රීසි කුසලතාව වර්ධනය වී තිබුණා.

එසේ වුවත් පාසලට නව විදුහල්පතිවරයෙකුගේ පැමිණීමත් සමග එම පන්තිය සිදුකර ගෙන යාමට අජන්ත උදුගොඩ මහතාට බාධා එල්ල වනවා.

ඒත් සමගින් අජන්ත උඳුගොඩ මහතාට වෙනත් පාසලකට‌ ස්ථාන මාරුවක් ද හිමි වන්නේ තත්ත්වය තවත් උග්‍ර කරමින්. කෙසේවෙතත් අජන්ත උදුගොඩ මහතා එම ස්ථාන මාරුව නොගෙන අවුරුද්දක නිවාඩුවක් ලබාගෙන පන්තිය පසුගිය මාස හයක් තිස්සේ පාසලෙන් පිටතට ගෙන ගොස් ගරාජයක පවත්වාගෙන යාමට කටයුතු කළා.

කෙසේවෙතත් දරුවන්ගේ දක්ෂතා මාධ්‍ය මගින් ද පෙන්වා දීමෙන් පසු පරිත්‍යාගශිලින්ගෙන් විවිධ පරිත්‍යාග ද සත්කාර්යයට ලැබී තිබෙනවා.

එසේ වුවත් පාසලෙන් පිටත ඉංග්‍රීසි පන්තිය පැවැත්විම නිසා මෙම පහසුකම්, උදෑසන ඉංග්‍රීසි පන්තියේ දරුවන් වෙනුවෙන් යොදා ගැනීමට විදුහල්පතිවරයා අවසර ලබා නොදෙන බවයි මව්පියන් පවසන්නේ.

මේ ගැටලුව සම්බන්ධයෙන් පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් ද දසත නිව්ස් අපි විමසීමක් කළා.

කිසිදු මුදලක් අය නොකරමින්, දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි දැනුම ලබාදෙන මේ පන්තියට පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ පාසැල් ගොඩනැගිල්ල සහ පරිත්‍යාගශීලින්ගෙන් දරුවන්ට ලැබුණු පරිත්‍යාගයන් මේ විදුහලේ විදුහල්පතිවරයා දරුවන්ට ලබා නොදෙන්නේ මන්ද? අධ්‍යාපන බලධාරියනි මේ ඔබේ අවධානය පිණිසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38