අහිංසක මල්වලට තහනම් වූ ඉංග්‍රීසි (වීඩියෝ)

වසර 5කට වැඩි කාලයක සිට බලංගොඩ වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ උදෑසන කාලයේ පවත්වාගෙන ගිය ඉංග්‍රීසි පන්තිය මේ වනවිට පාසල තුළ පැවැත්වීමට නොහැකි තත්වයක් මතු වී තිබෙනවා. ඒ විදුහල්පතිවරයාගෙන් ඊට අවසර නොලැබීම හේතුවෙන්.

ඒ අනුව ඉංග්‍රීසි පන්තිය මාස හයක් තිස්සේ ප්‍රදේශයේ ගරාජයක පවත්වාගෙන යාමටයි සිදුව ඇත්තේ.

බලංගොඩ වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ දරුවන් උදේ පාන්දරින්ම මේ යන්නේ නොමිලේ පවත්වන ඉංග්‍රීසි පන්තියකට සහභාගී වීමටයි.

මීට වසර කිහිපයකට පෙර මෙම ඉංග්‍රීසි පන්තිය ආරම්භ කරන්නේ පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසි සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණින්.

පාසලේ විදුහල්පතිවරයාගේ සහයෝගය මැද ‍ඉංග්‍රිසි විෂයභාර ගුරුවරයා හා පාසලේ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ අජන්ත උදුගොඩ මහතා එක්ව මේ ඉංග්‍රීසි පන්තිය පවත්වාගෙන ගියා.

අනතුරුව පාසලේ ඉංග්‍රීසි විෂයභාර ගුරුවරයාගේ විශ්‍රාම යාමත් සමගම අජන්ත උදුගොඩ මහතා තනිවම එම කාර්යය අඛණ්ඩව පවත්වාගෙන ගියා.

දිනෙන් දින මෙම දරුවන්ගේ ඉංග්‍රීසි කුසලතාව වර්ධනය වී තිබුණා.

එසේ වුවත් පාසලට නව විදුහල්පතිවරයෙකුගේ පැමිණීමත් සමග එම පන්තිය සිදුකර ගෙන යාමට අජන්ත උදුගොඩ මහතාට බාධා එල්ල වනවා.

ඒත් සමගින් අජන්ත උඳුගොඩ මහතාට වෙනත් පාසලකට‌ ස්ථාන මාරුවක් ද හිමි වන්නේ තත්ත්වය තවත් උග්‍ර කරමින්. කෙසේවෙතත් අජන්ත උදුගොඩ මහතා එම ස්ථාන මාරුව නොගෙන අවුරුද්දක නිවාඩුවක් ලබාගෙන පන්තිය පසුගිය මාස හයක් තිස්සේ පාසලෙන් පිටතට ගෙන ගොස් ගරාජයක පවත්වාගෙන යාමට කටයුතු කළා.

කෙසේවෙතත් දරුවන්ගේ දක්ෂතා මාධ්‍ය මගින් ද පෙන්වා දීමෙන් පසු පරිත්‍යාගශිලින්ගෙන් විවිධ පරිත්‍යාග ද සත්කාර්යයට ලැබී තිබෙනවා.

එසේ වුවත් පාසලෙන් පිටත ඉංග්‍රීසි පන්තිය පැවැත්විම නිසා මෙම පහසුකම්, උදෑසන ඉංග්‍රීසි පන්තියේ දරුවන් වෙනුවෙන් යොදා ගැනීමට විදුහල්පතිවරයා අවසර ලබා නොදෙන බවයි මව්පියන් පවසන්නේ.

මේ ගැටලුව සම්බන්ධයෙන් පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් ද දසත නිව්ස් අපි විමසීමක් කළා.

කිසිදු මුදලක් අය නොකරමින්, දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි දැනුම ලබාදෙන මේ පන්තියට පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ පාසැල් ගොඩනැගිල්ල සහ පරිත්‍යාගශීලින්ගෙන් දරුවන්ට ලැබුණු පරිත්‍යාගයන් මේ විදුහලේ විදුහල්පතිවරයා දරුවන්ට ලබා නොදෙන්නේ මන්ද? අධ්‍යාපන බලධාරියනි මේ ඔබේ අවධානය පිණිසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19