ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සිය වන ගුණ සමරුව ජනපති ප්‍රධානත්වයෙන්

නිදහස් ජාතියක් ගොඩනැඟීම උදෙසා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ගෙන ගිය “ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ඇතුළු යුද්ධයට අදාළ සියලු ප්‍රශ්නවලට 2025 වසර වන විට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සියවන ගුණ සමරු උත්සවයට අද (09) පෙරවරුවේ එක් වෙමින්.

ගුණ සමරු උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්වුණා.

මල් කළඹක් තැන්පත් කර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා අනතුරුව අරුනාචලම් පවුලේ සාමාජිකයන් සමඟ සුහද කතා බහකටද එක්වී තිබෙනවා.

පොන්නම්බලම් අරුණාචලම් මහතා සිංහල, දෙමළ හෝ මුස්ලිම් නොවන ලාංකික යන සංකල්පය පිළිබඳ දැඩිව විශ්වාස කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම ලාංකික සංකල්පය අනුගමනය කළ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමන් ද සියලු ජාතීන් හා ආගමික කණ්ඩායම් එක් කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කළ බවයි සඳහන් කළේ.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස නැගි සිටීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා එක්වීම පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58
Video thumbnail
සජබෙන් ඡන්ද 21,000 ක් එක්ක ආව කියා බොරු කිව්ව තරුණය ප්‍රසිධියේ සියල්ල හෙළිකරයි
01:16
Video thumbnail
බොරු කියලා පොහොට්ටුවේ වේදිකාවට නැග්ග තරුණයා හැමෝගෙන්ම සමාව ගයි..මට කළකිරුණා
01:53
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමට පැමිණි මෝටර් රථය යැයි සැකකරන මෝටර් රථයක් සොයාගනී
01:07