spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සිය වන ගුණ සමරුව ජනපති ප්‍රධානත්වයෙන්

නිදහස් ජාතියක් ගොඩනැඟීම උදෙසා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ගෙන ගිය “ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ඇතුළු යුද්ධයට අදාළ සියලු ප්‍රශ්නවලට 2025 වසර වන විට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සියවන ගුණ සමරු උත්සවයට අද (09) පෙරවරුවේ එක් වෙමින්.

ගුණ සමරු උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්වුණා.

මල් කළඹක් තැන්පත් කර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා අනතුරුව අරුනාචලම් පවුලේ සාමාජිකයන් සමඟ සුහද කතා බහකටද එක්වී තිබෙනවා.

පොන්නම්බලම් අරුණාචලම් මහතා සිංහල, දෙමළ හෝ මුස්ලිම් නොවන ලාංකික යන සංකල්පය පිළිබඳ දැඩිව විශ්වාස කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම ලාංකික සංකල්පය අනුගමනය කළ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමන් ද සියලු ජාතීන් හා ආගමික කණ්ඩායම් එක් කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කළ බවයි සඳහන් කළේ.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස නැගි සිටීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා එක්වීම පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?