රටට අවශ්‍ය දියර කිරි මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර

රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසනවා.

දැනට පවතින දියර කිරි කර්මාන්ත ශාලා 06ට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට අවශ්‍ය සාකච්ඡා ප්‍රංශ රජය සමග සිදුකර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා,

රටට අවශ්‍ය දියර කිරි ප්‍රමාණයෙන් අප ස්වයංපෝෂිත නැහැ. ජාතික අවශ්‍යතාවයෙන් 40%ක් පමණයි නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 60% ක ප්‍රමාණය ආනයනය සදහා රුපියල් බිලියන 34කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට අපට සිදුව තිබෙනවා. වසරකට අපට කිරි ලීටර් මිලියන හත්සිය පනහක් අවශ්‍ය වුවත් අප විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ, ලිටර් මිලියන 350ක් පමණයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රංශ ආධාර සහිතව කර්මාන්ත ශාලා 06 ක් ආරම්භ කළා. වාරියපොල, වෙන්නප්පුව, අත්තනගල්ල, කොළඹ සහ පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත ශාලා ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව නාවලපිටිය ප්‍රදේශයේ දියර කිරි නිෂ්පාදනාගාරයක් විවෘත කළා. මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය කිරි සැකසුම් උපකරණ ආනයනය කිරීම සහ දේශීය කාර්මිකයන් පුහුණු කිරීම සදහා රුපියල් ලක්ෂ 600ක ආධාර ප්‍රංශ රජය මගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් සඳහා නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය රුපියල් මිලියන 60 ක් වැය කළා. මෙම කර්මාන්ත ශාලාව මගින් දිනකට කිරි ලීටර් 5000ක් පරිභෝජනය සදහා නිකුත් කෙරෙනවා.

ඒ වගේම යාපනය සහ කිළිනොච්චිය ප්‍රදේශවල මෙවැනි කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සදහා ප්‍රංශ රජය දැනුවත් කර තිබෙනවා. මෙවර අයවැයෙන් ද මිලියන 250ක් වෙන් කර තිබෙනවා. විශේෂයෙන් එළු කර්මාන්තය දියුණු කිරීම සදහා මිලියන 200 ක් ලබා දී තිබෙනවා.

ඒ වගේම තීරුබදු සහන සහිතව විදෙස් රටවලින් ගෙන එන සත්ත්ව ආහාර සාධාරණ මිලට ගොවියාට ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?