රටට අවශ්‍ය දියර කිරි මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර

රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසනවා.

දැනට පවතින දියර කිරි කර්මාන්ත ශාලා 06ට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට අවශ්‍ය සාකච්ඡා ප්‍රංශ රජය සමග සිදුකර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා,

රටට අවශ්‍ය දියර කිරි ප්‍රමාණයෙන් අප ස්වයංපෝෂිත නැහැ. ජාතික අවශ්‍යතාවයෙන් 40%ක් පමණයි නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 60% ක ප්‍රමාණය ආනයනය සදහා රුපියල් බිලියන 34කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට අපට සිදුව තිබෙනවා. වසරකට අපට කිරි ලීටර් මිලියන හත්සිය පනහක් අවශ්‍ය වුවත් අප විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ, ලිටර් මිලියන 350ක් පමණයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රංශ ආධාර සහිතව කර්මාන්ත ශාලා 06 ක් ආරම්භ කළා. වාරියපොල, වෙන්නප්පුව, අත්තනගල්ල, කොළඹ සහ පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත ශාලා ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව නාවලපිටිය ප්‍රදේශයේ දියර කිරි නිෂ්පාදනාගාරයක් විවෘත කළා. මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය කිරි සැකසුම් උපකරණ ආනයනය කිරීම සහ දේශීය කාර්මිකයන් පුහුණු කිරීම සදහා රුපියල් ලක්ෂ 600ක ආධාර ප්‍රංශ රජය මගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් සඳහා නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය රුපියල් මිලියන 60 ක් වැය කළා. මෙම කර්මාන්ත ශාලාව මගින් දිනකට කිරි ලීටර් 5000ක් පරිභෝජනය සදහා නිකුත් කෙරෙනවා.

ඒ වගේම යාපනය සහ කිළිනොච්චිය ප්‍රදේශවල මෙවැනි කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සදහා ප්‍රංශ රජය දැනුවත් කර තිබෙනවා. මෙවර අයවැයෙන් ද මිලියන 250ක් වෙන් කර තිබෙනවා. විශේෂයෙන් එළු කර්මාන්තය දියුණු කිරීම සදහා මිලියන 200 ක් ලබා දී තිබෙනවා.

ඒ වගේම තීරුබදු සහන සහිතව විදෙස් රටවලින් ගෙන එන සත්ත්ව ආහාර සාධාරණ මිලට ගොවියාට ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුට උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48