හෝමාගම කර්මාන්තපුරයේ සේවකයන්ට දැනුම්දීමක්

හෝමාගම කර්මාන්ත පුරයේ සේවකයන්ට මුඛ ආවරණ පැළඳ සේවයේ නිරත වන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.මීට මාස කිහිපයකට පෙර එම කර්මාන්ත පුරයේ ගිනි ගැනීමකට ලක්වු ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් ඊයේ රාත්‍රීයේ සිට යළිත් අධික දුමාරයක් පැවතීම ඊට හේතුවයි.

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ගිනි ගැනීමකට ලක්වුණේ මීට මාස කිහිපයකට පෙරයි.ඊයේ රත්‍රීයේ සිට යළිත් එම කර්මාන්ත ශාලා භූමියෙන් අධික දුමාරයක් පැතිරෙමින් ඇති බව හෝමාගම පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශය පුරා අධික ක්ලෝරීන් දුගදක් සහ ඇස්වල දැඩි දැවිල්ලක් ඇති වීමේ තත්ත්වයක් ද මතුව තිබෙනවා.ගිනි ගැනීමට ලක්වු කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇති අතර ක්ලෝරීන් සහිත භූමියට වර්ෂාව පතිතවීමත් සමග මෙම දුමාරය හටගෙන ඇති බවටයි ආරක්ෂක අංශ සැක කරන්නේ.

ගින ගැනීමේ තත්ත්වයක් ඇති වුවහොත් එය වැළැක්වීම සදහා ගිනි නිවන රථයක් සහ ජල බවුසරයක්ද කර්මාන්ත පුරය අසළ ස්ථාන ගත කර තිබෙනවා.මෙම තත්ත්වය පිළිබඳ කර්මාන්ත පුරයේ සේවකයින් දැනුවත් කර ඇති අතර ඔවුන් මුඛ ආවරණ පළඳන ලෙස ද පොලිසිය ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55