‘යුක්තිය’ මෙහෙයුමට 28,520ක් කොටු – හෙරොයින් කිලෝ 70ක්, අයිස් කිලෝ 200කට වැඩි ප්‍රමාණයකුත් අල්ලලා

2023.12.17 දින සිට 2024.01.06 වන දින දක්වා කාලය තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 28,520 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් 1.434ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙහිදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 1,603 දෙනෙක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,303 දෙනෙක් ද මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිසේ සිටිනවා.

මේ අතර මෙම කාලය තුළ සිදුකළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 70ක ප්‍රමාණයක් සහ අයිස් කිලෝ 200යි ග්‍රෑම් 100ක ප්‍රමාණයක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

කොකේන් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 400ක්, ගංජා කිලෝ 340යි ග්‍රෑම් 500ක්, හෂිස් කිලෝ 05යි ග්‍රෑම් 200ක්, මාවා කිලෝග්‍රෑම් 129ක්, තුල් කිලෝග්‍රෑම් 06ක්, ඈෂ් කිලෝ 35යි ග්‍රෑම් 900ක්, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 800ක් ද පොලිස් භාරයට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව ගංජා පැල 1,223,979ක්, ගංජා සුරුට්ටු 05ක්, මත්පෙති 79,147ක් සහ මදන මෝදක ගුලි කිලෝ 11යි ග්‍රෑම් 300ක් ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57