අත්අඩංගුවට ගන්න ගිය සැකකරු පොලිස් නිලධාරියාගේ අත සපා කා පලා යයි

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි ගමන් කළ අයෙකු පොලිස් නිලධාරියෙකුගේ අත සපා කා පලා ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා.

ඊයේ (06) රාත්‍රී 10.45ට පමණ හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව – හැළඹවටවන ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ ආරච්චිකට්ටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහු හලාවත මහා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී හලාවත – පුත්තලම මාර්ගයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී හලාවත දෙස සිට පැමිණි යතුරු පැදියක් නතර කරන ලෙසට සංඥා කර තිබෙනවා.

එහෙත් එම යතුරු පැදිය පොලිස් අණ නොතකා පලා ගොස් ඇති අතර ඒ පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනා ද හඹා ගොස් තිබූ බව සඳහන්.‍

යතුරු පැදිය හැළඹවටවන ප්‍රදේශයේ අතහැර දමා ඇති එය පැදවූ සැකකරු පලා ගොස් තිබෙනවා.

එහි පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පසුපස එළවා ගෙන ගිය පොලිස් නිලධාරීන් උත්සාහ කිරීමේදීයි ඔහු එක් නිලධාරියෙකුගේ අත සපා කා ඇත්තේ.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සැකකරුව හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශණආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58