spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්අඩංගුවට ගන්න ගිය සැකකරු පොලිස් නිලධාරියාගේ අත සපා කා පලා යයි

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි ගමන් කළ අයෙකු පොලිස් නිලධාරියෙකුගේ අත සපා කා පලා ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා.

ඊයේ (06) රාත්‍රී 10.45ට පමණ හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව – හැළඹවටවන ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ ආරච්චිකට්ටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහු හලාවත මහා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී හලාවත – පුත්තලම මාර්ගයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී හලාවත දෙස සිට පැමිණි යතුරු පැදියක් නතර කරන ලෙසට සංඥා කර තිබෙනවා.

එහෙත් එම යතුරු පැදිය පොලිස් අණ නොතකා පලා ගොස් ඇති අතර ඒ පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනා ද හඹා ගොස් තිබූ බව සඳහන්.‍

යතුරු පැදිය හැළඹවටවන ප්‍රදේශයේ අතහැර දමා ඇති එය පැදවූ සැකකරු පලා ගොස් තිබෙනවා.

එහි පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පසුපස එළවා ගෙන ගිය පොලිස් නිලධාරීන් උත්සාහ කිරීමේදීයි ඔහු එක් නිලධාරියෙකුගේ අත සපා කා ඇත්තේ.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සැකකරුව හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශණආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?