වැඩබලන පොලිස්පතිට නඩු පවරන්නැයි නීතිපතිට ලිපියක් (වීඩියෝ)

පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව ප්‍රකාරව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වහාම නඩු පවරන ලෙස ඉල්ලමින් නීතිඥ සාමූහිකය විසින් නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියෙන් පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක එස්.සී.එෆ්.ආර්/107/211 දරණ නඩුවේ දෙසැම්බර් 14 වැනි දින ලබාදුන් තීන්දුව පරිදි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) 13(1)සහ 13(2) වගන්තිය යටතේ පෙත්සම්කාර රංජිත් සුමංගල යන අයට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ, බණ්ඩාර සහ එම් ඩබ්ලිව් දේශබන්දු තෙන්නකෝන් වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා වරදකරුවන් බවට ප්‍රකාශ කර ඇති බවයි.

පෙත්සම්කාර රංජිත් සුමංගල යන අය විසින් සිදු කළායැයි කියන ලද මංකොල්ලකෑම් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා ඔහු මිරිහාන පොලිස් ස්ථානයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඉහත නම් කර ඇති පොලිස් නිලධාරීන් විසින් පහරදීමෙන් පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ඉහත නඩුවේ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකශ කළා.

නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට, අධිකරණයට, සහ රජයට පුළුල් ව්‍යවස්ථාපිත බලතල පැවරී ඇති බවත් එම බලතල මත මහජනයා විශ්වාසය මත තබා ඇති බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පදනම වන නීතියේ ආධිපත්‍යය අනුව යුක්තිය නිසි නිසි ලෙස ඉටු කිරීම සඳහා ඒවා ක්‍රියාත්මක කළ යුතුය යන පදනමේ සිට විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදු කළ යුතු බවයි අදාළ ලිපියෙන් නීතිපතිවරයා වෙත නීතිඥ සාමුහිකය අවධාරණය කරන්නේ.

ඉහත කී නඩු තීන්දුව මගින් වද හිංසා පැමිණවීමේ වරද සම්බන්ධයෙන් පැහැදිලිව පිළිගත හැකි කරුණු පවතින බව පෙන්නුම් කරන බැවින් එම වරද සම්බන්ධයෙන් එම නිලධාරීන්ට එරෙහිව වහා නඩු පැවරීම නීතිපතිවරයාගේ පරම යුතුකම බවයි නීතිඥ සාමූහිකය මෙම ලිපිය මගින් නීතිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම නඩුවේ පස් වන වග උත්තරකාරවරයා වන වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය වැඩ බලන පොලිස්පති තනතුරේ රැඳී සිටීම මගින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට නොහැකි විය හැකි බව පෙන්වා දෙන නීතිඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එම විමර්ශන අවසන් වන තුරු දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ බලන පොලිස්පති ධුරය අත්හිටුවීමට සුදුසු බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?