වැඩබලන පොලිස්පතිට නඩු පවරන්නැයි නීතිපතිට ලිපියක් (වීඩියෝ)

පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව ප්‍රකාරව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වහාම නඩු පවරන ලෙස ඉල්ලමින් නීතිඥ සාමූහිකය විසින් නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියෙන් පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක එස්.සී.එෆ්.ආර්/107/211 දරණ නඩුවේ දෙසැම්බර් 14 වැනි දින ලබාදුන් තීන්දුව පරිදි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) 13(1)සහ 13(2) වගන්තිය යටතේ පෙත්සම්කාර රංජිත් සුමංගල යන අයට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ, බණ්ඩාර සහ එම් ඩබ්ලිව් දේශබන්දු තෙන්නකෝන් වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා වරදකරුවන් බවට ප්‍රකාශ කර ඇති බවයි.

පෙත්සම්කාර රංජිත් සුමංගල යන අය විසින් සිදු කළායැයි කියන ලද මංකොල්ලකෑම් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා ඔහු මිරිහාන පොලිස් ස්ථානයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඉහත නම් කර ඇති පොලිස් නිලධාරීන් විසින් පහරදීමෙන් පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ඉහත නඩුවේ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකශ කළා.

නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට, අධිකරණයට, සහ රජයට පුළුල් ව්‍යවස්ථාපිත බලතල පැවරී ඇති බවත් එම බලතල මත මහජනයා විශ්වාසය මත තබා ඇති බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පදනම වන නීතියේ ආධිපත්‍යය අනුව යුක්තිය නිසි නිසි ලෙස ඉටු කිරීම සඳහා ඒවා ක්‍රියාත්මක කළ යුතුය යන පදනමේ සිට විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදු කළ යුතු බවයි අදාළ ලිපියෙන් නීතිපතිවරයා වෙත නීතිඥ සාමුහිකය අවධාරණය කරන්නේ.

ඉහත කී නඩු තීන්දුව මගින් වද හිංසා පැමිණවීමේ වරද සම්බන්ධයෙන් පැහැදිලිව පිළිගත හැකි කරුණු පවතින බව පෙන්නුම් කරන බැවින් එම වරද සම්බන්ධයෙන් එම නිලධාරීන්ට එරෙහිව වහා නඩු පැවරීම නීතිපතිවරයාගේ පරම යුතුකම බවයි නීතිඥ සාමූහිකය මෙම ලිපිය මගින් නීතිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම නඩුවේ පස් වන වග උත්තරකාරවරයා වන වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය වැඩ බලන පොලිස්පති තනතුරේ රැඳී සිටීම මගින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට නොහැකි විය හැකි බව පෙන්වා දෙන නීතිඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එම විමර්ශන අවසන් වන තුරු දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ බලන පොලිස්පති ධුරය අත්හිටුවීමට සුදුසු බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51
Video thumbnail
Kasthirama | “නොයන් මාරකයෙකු සමඟ ගමන් “ - කස්තිරම විශේෂ වැඩසටහන
01:32:55
Video thumbnail
දැන් දූ#ත සූත්‍රවලටත් එහා ගිහින් රජ හොරු සූත්‍ර කරන්නේ..රටේ සා#ය වුණේ ජවිපේ
03:54
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා..අතේ මාට්ටු වුණ හැටි
01:04
Video thumbnail
ගෑස් සමාගම ට්‍රම්ප් වගේ රෑ හිතලා උදේ වැඩි කරනවා..වසන්ත මොකක්ද රජයේ ප්‍රතිපත්තිය
04:51
Video thumbnail
සජිත්, හර්ෂණ, මහින්ද ගංගාරාමයේ ධාතු වන්දනාවට යයි..අපි සතුටු වෙනවා අපේ නායකයා ගැන
05:46


?