දේශබන්දුගේ යුක්තියේ දැලට තවත් 1,184ක් කොටු – 59කට රැඳවුම් නියෝග

පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී ඊයේ (04) අලුයම 12.30 සිට අද (05) අලුයම 12.30 දක්වා කාලය තුළ සැකකරුවන් 1,184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 59ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, තවත් සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 49 දෙනෙක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව පවසන පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 337යි මිලිග්‍රෑම් 758ක්, අයිස් ග්‍රෑම් 242යි මිලි ග්‍රෑම් 372ක්, ගංජා කිලෝ 06යි ග්‍රෑම් 629ක්, ගංජා පැල 7772ක්, මාවා කිලෝ 03 ග්‍රෑම් 694ක්, හෂිස් ග්‍රෑම් 55ක්, මත්පෙති 1221ක්, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 226ක් ද මෙම කාලය තුල සිදුකළ මෙහෙයුමේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47