මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා අතර මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති අතර ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5%ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.

2025 වන විට අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම් සියල්ල සිදු කර අවසන් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

කිසිඳු අවතැන් පුද්ගලයෙක් 2025 වන විට ශ්‍රී ලංකාව තුළ සිටිය නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ම ආවරණය වන පරිදි ලියාපදිංචි කර ඇති අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1788ක්. ඊට අදාළ පැමිණිලි 1289 කට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා.

ඉතිරිව පවතින 500ක පමණ පැමිණිලි සංඛ්‍යාව කඩිනමින් විභාග කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි මාස හය ඇතුළත එම කාර්යය අවසන් කිරීම සඳහා අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන ලෙසටයි උපදෙස් දුන්නේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වී සීටී මෙම රැස්වීමේදී එම දිස්ත්‍රික්ක තුළ මෙතෙක් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති, ඉදිරි සැලසුම් සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස විමසා බලා තිබෙනවා.

නැවත පදිංචි කිරීම්, අධ්‍යාපන ,සෞඛ්‍ය, ඉඩම් , ධීවර, කෘෂිකර්ම සහ වන සංරක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳ සහ උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු කෙරුණා.

උතුරු පළාත සංවර්ධනයට අවශ්‍ය සැලැස්ම සකස් කරමින් උතුර වේගවත් දියුණුවක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළට එක්වන ලෙස උතුරු පළාත නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනම් කළයුතු බවයි අවධාරණය කළේ.

එමෙන්ම නව ආර්ථික කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු ඕනෑම අයෙකුට මෙරටට පැමිණ අයෝජනය කිරීමට අවස්ථාව සැලෙසන බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා එක්වීමට විදේශගතව සිටින ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද ප්‍රකාශ කළා.

උතුරේ බලශක්තිය සුරක්ෂිත කරමින් බලශක්තිය අපනයනය සඳහා රට සූදානම් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා පුනරීන් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

උතුරේ කෘෂිකර්මාන්තය නවීකරණයට නතුකරමින් උතුරු පළාත මෙරට කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

උතුරු පළාතේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානයට යොමු කළ අතර පලාලි ගුවන්තොටුපළ සහ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පිළිබඳ මෙම පෙබරවාරි මස වන විට අවසන් තීරණයකට එළැඹෙන බවද සඳහන් කළා.

යාපනයට පැමිණ උතුරේ ඉඩම් ප්‍රශ්නය කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස ඉඩම් අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

උතුරේ ජල ප්‍රශ්නයට විසදුම් ලබාදීම වෙනුවෙන් ජල යෝජනා ක්‍රම දෙකක් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන බවත්, මීට පෙර ක්‍රියාත්මක කර තිබූ ජල ව්‍යාපෘති සදහා ගෙවීමට නියමිත මුදල් ද මේ වන විට ලබාදීමට පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38