ගින්නකින් නිවාස තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වෙයි

බඹරකැලේ වතුයායට අයත් ලොකු රහන්වත්තේ වතු නිවාස පේලියක අද (04) අළුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියේ පිහිටි නිවාස තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව ලිදුල පොලිසිය පවසයි.

අලුයම 4 ට පමණ එක් නිවසකින් හටගෙන ඇති ගින්න නිවාස තුනක් කරා පැතිර ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම වතු නිවාස පේලිය නිවාස 10 කින් සමන්විතයි.

පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් සහ ලිදුල පොලිසියේ නිලධාරින් එක්ව පාලනය කල නිසා සෙසු නිවාසවලට ගින්න පැතිරිම පාලනය කිරීමට හැකි වූ බව ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.

ගින්නෙන් වතු කම්කරු පවුල් තුනකට අයත් සමාජිකයන් 12 දෙනෙකුගේ පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බවත්, අවතැන් වුවන් එම වතු යායේම ආරක්ෂිත ස්ථානයක් කරා වතු පාලන අධිකාරිය විසින් යොමු කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?